Twitter

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, May 7, 2020

Specry

Saturday, January 25, 2020

What is the coronavirus in humans?

Coronaviruses are types of viruses that typically affect the respiratory tract of mammals, including humans. They are associated with the common cold, pneumonia, and severe acute respiratory syndrome (SARS) and can also affect the gut.


How is coronavirus transmitted?

Transmission. MERS-CoV, like other coronaviruses, likely spreads from an infected person's respiratory secretions, such as through coughing. ... Infected people have spread MERS-CoV to others in healthcare settings, such as hospitals.

What are the signs and symptoms of coronavirus?

Common Symptoms of Coronavirus
The symptoms of most coronaviruses are similar to any other upper-respiratory infection, including runny nose, coughing, sore throat, and sometimes a fever. In most cases, you won't know whether you have a coronavirus or a different cold-causing virus, such as rhinovirus.

How dangerous is coronavirus?

Among the infections raising concern is Middle East Respiratory Syndrome, caused by a type of coronavirus, which emerged in 2012. Infection with the MERS virus can cause fever, cough and shortness of breath, and is particularly dangerous in older people or people with weakened immune systems or other illnesses.

Friday, January 3, 2020

Arduino programming for beginners in 10 minutes

Arduino packages are written inside the Arduino Integrated Development Environment (IDE). Arduino IDE is a special software running on your machine that permits you to write sketches (synonym for program in Arduino language) for specific Arduino boards. The Arduino programming language is primarily based on a completely simple hardware programming language known as processing, which is similar to the C language. After the cartoon is written in the Arduino IDE, it ought to be uploaded at the Arduino board for execution.

The first step in programming the Arduino board is downloading and putting in the Arduino IDE. The open source Arduino IDE runs on Windows, Mac OS X, and Linux. Download the Arduino software (depending in your OS) from the official website and follow the commands to install.

Now let’s talk the fundamentals of Arduino programming.


The structure of Arduino program is quite simple. Arduino packages have not less than 2 blocks,

Tuesday, February 26, 2019

ඕනිම සිම් එකකට නොමිලේ රීලෝඩ් දාගමු. 

ඕනිම සිම් එකකට නොමිලේ රීලෝඩ් දාගමු.

Click here to download the app

 මේක dent කියලා app එකකින් තමා කරන්නෙ. මන් දැනට මේකෙන් rs. 1600ක විතර රීලෝඩ් දාගෙන තියෙනවා. 200%ක් විස්වාස වැඩක්. මේකෙන් hutch, airtel, mobitel, dialog, etisalat වගේ ලංකාවෙ හැම sim එකකටම rs.200 රීලෝඩ් දෙනවා. විශේෂත්වය කියන්නෙ ඇති තරමක් ගන්න පුලුවන්. එක account එකකින් ඕනිම number එකකට රීලෝඩ් එක දාගන්නත් පුලුවන්. හරි දැන් බල්මු මේක කොහොමද වෙන්නෙ කියලා. මෙයාලා අපිට දෙනවා dent කියලා මෙයාල හදුන්වන point ක්‍රමයක්. අපි මේ ඇප් එක play store එකෙන් ගත්තොත් අපිට මුලින්ම 1500ක් dent හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි වෙන කාගෙ හරි link එකක් හරහා ගත්තොත් අපිටයි එයාටයි දෙන්නටම අමතරව dents 1540ක් හම්බ වෙනවා. එතකොට මන් දැන් දෙන link එකෙන් මේ app එක ගත්තම ඔයාලට මුලින්ම dent 1500ක් එනවා. Link එක පහලින් දෙන්නම්. මේ විදිහට dents 1710-1780 අතර ප්‍රමාණයක් ඕනි වෙනව අපිට rs. 200 රීලෝඩ් එක ගන්න. ඒ ගාන සිම් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා.  අනික කියන්න ඕනි මේක පිරමීඩ සීන් එකක්නන් නෙමෙයි. මොකද අපිට අපේ ලින්ක් එකෙන් එක්කෙනෙක් ගත්තම එයා හරහා දෙන්නටම dents 240ක් ආවට පස්සෙ ආයෙ එයාගෙ ලින්ක් එකෙන් එක්කෙනෙක් ගත්තොත් ඒ කෙනාව අපිට ලින්ක් වෙන්නෙ නෑ. විස්තර ඇති එහෙනන්. දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. ඊට කලින් තව පොඩි දෙයක් කියන්න ඕනි. මොකද මේක මට උනා දෙතුන් පාරක්ම. අපි මේ ලින්ක් එකෙන් ඇප් එක ගද්දි data ඔන් කරලා ඇප් එක download කරලා එවෙලෙම install උනාම එවෙලෙම අපේ number එකට active කරන්න ඕනි. නැතිව පස්සෙ active කරන්න ගියොත් එහෙම අර අමතර dent 1500 එන්නෙ නෑ. මට ඔය වැඩේ දෙතුන් පාරක්ම උන නිසයි කිව්වෙ. ඒ නිසා ඉස්සෙල්ලම මම මේ වැඩේ කරන විඩිහ කියන්නම්. ඊට පස්සෙ අන්තිමට ලින්ක් එක දෙන්නම්. එතකොට එක වැරම වැඩේ ගොඩ දාගන්න පුලුවන්නෙ. මුලින්ම ඔයා ලින්ක් එකෙන් ගියාම browser එකේ load වෙලා play store එකට යයි. Apple phone එකක්නන් app store එකට යයි. ඊට පස්සෙ ඇප් එක download වෙලා install උනාට පස්සෙ එහෙම්ම oppen කරන්න. ඊට පස්සෙ ඔයාගෙ number එක ගහන්න එයි. එතන +94 කියල වැටිලම තියෙයි. ඒ නිසා 0 නැතුව ඔයාගෙ number එක ගහන්න ඒක පිටිපස්සෙන්. ඒ කියන්නෙ +9471567.... වගේ ගහන්න. ඊට පස්සෙ viber, imo හදනවා වගේ ඔයාට call එකක් එයි. ඒක answer කරන්න එපා. ඒ call එක cut උනාම auto active වෙයි. ඊට පස්සෙ fb හරි gmail එක් හරහා හරි එහෙමත් නැත්තන් manually අපේ details දීලා හරි ඇතුල් වෙන්න කියයි. එතනදි manually එක තෝරන්න. ඊට පස්සෙ name එක දීල sure name එකටත් මොකක් හරි දීලා email එක ඉල්ලන තැනට ඔයා කැමතිනන් ඔයාගෙ එක හරි නැත්තන් බොරු එකක් හරි දෙන්න. මන්නම් බොරුවට hdjdj@gmail.com වගේ එකක් දෙනවා. හරි දැනට වැඩේ 99%ක්ම ඉවරයි. ඊට පස්සෙ ඔයා ඇප් එක ඇතුලට ගියාම උඩින්ම දකුණු පැත්තෙ ඔයාගෙ dent ගාන පෙන්නයි. යට හරියෙන් ඇති invite now කියලා රතු පාට කොටුවක එකක්. ඒකෙන් ඔයාට පුලුවන් තව කාට හරි ඔයාගෙ ලින්ක් එක දීල ඒක හරහා register වෙන්න කියන්න. එතකොට ඔයාටයි එයාටයි දෙන්නටම ආයෙත් dent 1500ක් එයි. මගේ ලින්ක් එකෙන් ගත්තම ඔයාට මුලින්ම 1500ක් ආවනෙ.

 අර විදිහට දුන්නම ආයෙ 1500ක් ආවම ඔයාට dent 1500ක් වගේ සෙට් වෙනවා. ඒ කියන්නෙ එක රීලෝඩ් එකක් ගන්න හොඳටම ඇති. එහෙනන් දැන් මෙතනින් ගිහින් ඇප් එක අරගෙනම ඉන්නකො. 19mb වගේ යනවා android වලට. දැන් බලමු කොහොමද රීලෝඩ් දාගන්නෙ කියලා. ඔය ඇප් එකෙ උඩ හරියෙන් ඇති number එක ගහන්න තැනක්. එතන ඔයාට රීලෝඩ් එක දාගන්න ඕනි number එක ගහන්න අර අපි මුලින් ගැහුව විදිහටම. ඒ කියන්නෙ +9471...වගේ. මන් මොබිටෙල් එකක් දැම්මට ඔයාලා ඔයාලගෙ සිම් එකේ විදිහට number එක එතන ගහන්න. ඊට පස්සෙ යටින් වැටිලා ඇති හරි මාර්ක් එකක් රතු රවුමක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ සිම් එකට අදාලව ගන්න පුලුවන් රීලෝඩ් එක පෙන්නයි. එකෙ යට කොනෙන් වැටෙයි ඔයා ඒක ගන්න දෙන්න ඕනි dent point ගාන. ඒක දීල by now දෙන්න. වැඩේ ගොඩ ඔයාගෙ සිම් එකට එවෙලෙම rs. 200 එයි. තව පොඩි දෙයක් කියන්න ඕනි. බැරිවෙලාවත් ඔයාලා රීලෝඩ් ගන්න යද්දි sold out කියලා වැටිලා තිබුනොත් පැය 6-7කට සැරයක් ඒක check කරලා බලන්න. එයාලා දාල තිබුන රීලෝඩ් අරන් ඉවර උනාම තමා එහෙම වැටෙන්නෙ. එයාල ඒක දවස් 2කට සැරයක් වගේ තමා update කරන්නෙ. ඒ නිසා එහෙම වැටිලා තිබුනොත් touch එකේ ඉන්න ටිකක්. මොකද ඕකෙ dialog, mobitel දාන ඉකමනට ඉවර වෙනවා. Sold out කියලා වැටිලා තිබුනොත් මමත් දවසට දෙතුන් පාරක්වත් චෙක් කරනවා update කරලද කියලා. වෙන මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න.

Wednesday, February 20, 2019

How to Hack Dent Apk For Unlimited Data Bundle

Today I am going to teach you how you get Rs 200 free reaload per a day with dent Apk. without referring anybody.
Sorry. I cannot type in sinhala. Because the time is not enough for me with the job.

1. First of all you guys should uninstall dent apk.

2. You should take a sim that should not be registered to dent app. If you already registered the dent company noticed who you are. So your number should new one.

3. This method matches non root and rooted phone.


Download the DENT Clone app


(This will refer you in to the clone app)

Read and method to insert your number to database.

  As We all Know that Dent Wirelesshas upgraded It’s android App to a lighter version that comes with new feature which I believe affected many people who has been enjoy dent free data for sometime. This latest Dent App feature which is tagged “Dent Call Verification“ is a feature that allows them to detect invalid referrals like those who refer others without the person Downloading the dent app.

In the post am going to reveal to you the latest Dent trick on how to By Pass Dent Call Verification and continue with your Dent Unlimited Free Browsing Cheat.

How Do I By-pass Dent Call Verification ?
 Yes this is a wonderful question, to by-pass the dent call verification first you have to download these apps and the download linksare at the end of the post

 Download the latest Dent app If you haven’t downloaded it before.
Download the crack version of the Dent AppDownload  Yoga VPN here
Download  Cloner Parallel Space
Download virtual number app Second Line Apk

Follow The Procedures BelowNow launch your dent app and register with your phone number, that’s if you haven’t registered already, Get your invitation link from the invite link option, copy the link and paste it wherever you will locate it easily,Now,

 install the Yoga VPN you downloaded earlier, click on “select region“, on the level 1, select United States, now connect yoga vpn, once connected, minimize the app, and head to the next stepNow Head straight to the 2ndline app, Launch it and input your new registration details, ie email and password, click on register to complete the registration process, now select your desired phone number, you will be required to input the area code of the city you want the numbers on, you can input 506, 507, 508, 509 etc ,the list of available phone numbers will appear, select any. finally, click on share number to copy your new number,


Now that you have gotten the new virtual number, launch your app cloner( parallel space) clone the Dent app on parral space, login to your dent account with your number.Clear the data of your original Dent app, to be able to perform a new registration with your new US number Via your original accounts invitation link you copied earlierAfter registration, wait for some minute on the Dent app, for your new 50dent bonus to reflect, you can use the 50 dent bonus to send data to any of your lines or that of a friend or you can simply exit the app, your aim is to accumulate more dents on the other account,Now clear the data of the DENT app, and that of 2NDLINE app, re-register on the 2ndline app with new detail and get a new US number, use the number on dent app via your invitation linkTo accumulate more dents on your original dent account repeat this process 4, until you are probably satisfied, always remember to log in to your original account via the app cloner to ascertain if the bonus dents are reflecting.

Download link--

1. Yoga VPN
2. Parrellel space
3. DENT mod

Hope you will get more reaload. Enjoy it and It will be shortly. It might be few days. Quick and earn points......

Friday, September 29, 2017

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම. කොටස් 05

ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට වඩා, මෙවැනි අන්තර්ජාල ගණුදෙනු ගැන පාඨකයාගේ හිතේ ඇති බොරු බිය නැති කරලා මෙවැනි අන්තර්ජාල ගණුදෙනු වලට පඨකයාව හුරු කරවන්නයි කියන එක. ඒ නිසාමයි eBay ගිණුමක් හදාගන්නා විදිය, PayPal ගිණුමක් හදාගන්නා විදිය වැනි පුංචි පුංචි දේවල් ගැන මේ ලිපි මාලාව හරහා කියා නොදුන්නෙ. මොකද එවැනි දේවල් ඕනම කෙනෙක්ට ස්වඋත්සාහයෙන් කරගන්න පුළුවන් දේවල්. eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න ආකාරය මේ ලිපි මාලාව හරහා කියා දුන්නෙත් තෝරගත්තු භාණ්ඩයක් ඇණවුම් කර මිලදී ගන්න විදිය කියා නොදුන්නෙත් මෙන්න මේ කාරණය නිසාමයි. මොකද තමන්ට අවශ්‍ය භාණ්ඩය තෝරා ගත්තු කෙනාට ඕකෙ Buy it Now බොත්තම ඔබලා Payapal username password දීලා Paypal වෙතින් මුදල් ගෙවන එක ආයෙ අමුතුවෙන් කියා දිය යුතු දෙයක් හැටියට නෙමෙයි මම දැක්කෙ.

නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.



eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?
  • eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?
  • එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
  • අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.


eBay වෙන්දේසියක් (Auction එකක්) සාමාන්‍ය වෙන්දේසියකින් වෙනස් වෙන්නෙ කොහොමද?
  • සාමාන්‍යයෙන් සැබෑ ජීවිතේ වෙන්දේසියක් සිදු කරන්නෙ යම් පුද්ගලයෙක් මැදිහත් වෙලා. ඒ පුද්ගලයා වෙන්දේසියෙ ආරම්භක වටිනාකම පැවසුවායින් පසුව ගැනුම්කරුවෙකුට පුළුවන් ඊට වැඩි අගයක් පවසලා ලංසුවක් තබන්න. ඊටපසු තවත් වෙනත් ගැණුම්කරුවෙකුට පුළුවන් ඊටත් වැඩි අගයක් පවසලා වැඩි ලංසුවක් තබන්න. මෙසේ කෙමෙන් මෙන් එම භාණ්ඩයේ වටිනාකම වැඩි වෙලා අවසානයේ එම භාණ්ඩය හිමිවෙන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙස මැදිහත්කරු පවසත්දිත්, කිසිවෙකුත් තවත් ලංසු තබන්නට ඉදිරිපත් නොවුනහොත්, එම භාණ්ඩයට වැඩිම ලංසුව තැබූ ගැණුම්කරුටයි.
  • eBay තුළ වෙන්දේසි වලදි මෙලෙස පුද්ගලයෙක් මැදිහත් වෙන්නෙ නෑ. eBay වෙන්දේසි සිදුවෙන්නෙ යම් කාල සීමාවක් උපයෝගී කරගෙන. eBay තුළ සෑම වෙන්දේසියකටම එම වෙන්දේසිය අවසන් වන නිශ්චිත වේලාවක් (ending time එකක්) තිබෙනවා. වෙන්දේසිය (Auction එක) අවසානයේ භාණ්ඩය හිමිවෙන්නෙ මෙන්න මේ වේලාව වෙද්දි භාණ්ඩ සඳහා වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසානයේ භාණ්ඩය මිල දී ගත හැක්කේ කාටද?
  • ඉහතදී සඳහන් කළ පරිදි අවසානයේ භාණ්ඩය මිලදී ගත හැකි වන්නේ වෙන්දේසිය (Auction එක) අවසන් වන වේලාවෙදි වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි.

යම් භාණ්ඩයක වෙන්දේසිය අවසන් වල වේලාව අපි දැනගන්නෙ කොහොමද?
  • මෙයත් භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් වී තිබෙනවා. බොහෝ විට මෙය සඳහන් වෙන්නෙ වෙන්දේසිය අවසන් වීමට ඉතිරි වී ඇති කාලය, එනම් Time left format ලෙසින්.
  • අවශ්‍යවනම් මෙය වෙන්දේසිය අවසන් වන දිනය සහ වේලාව‍ ලෙසින් දැකගන්නත් ඔබට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ Custom view වෙත ගොස් 'Show time in:' යන පසුතලය (setting එක) Date format ලෙස වෙනස් කිරීමෙන් පුළුවන්. [3]


ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතාම අඩුයි. මෙසේ වන්නේ කොහොමද?
  • මෙලෙස ඉතා අඩු‍වෙන් සටහන් වෙන්නෙ ඇත්තටම ඒ භාණ්ඩයේ විකුණුම් මිල නෙමෙයි. එලෙස සටහන් වෙන්නෙ එ‍ම භාණ්ඩය සඳහා මේ වන විට තබා ඇති වැඩිම ලංසුවයි (current bid එකයි). Auctions එකක් ආරම්භ කළ සැනින් ඕනෑම භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්‍ර ලෙස වැඩි වෙන්නෙ Auction එකක් අවසාන වන අන්තිම විනාඩි කීපයෙයි.

අපිට Auction එකකට bid කරන්න පුළුවන් කොයි වෙලාවෙද?
  • Auction එකක් ආරම්භ කළායින් පසු ඕනෑම වේලාවක (එනම් search results list එකක ඇති ඕනෑම Auction භාණ්ඩයකට) අපිට bid කරන්න පුළුවන්. නමුත් එලෙස bid කළ භාණ්ඩයේ Auction එක අවසන් වන තෙක් අපි අවධානයෙන් සිටිය යුතුයි.

ඉක්මණින් අවසාන වන Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අපට ලබාගන්න බැරිද?
  • පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබේ භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුව (search results list එක) Time: ending soonest ලෙස sort කිරීමයි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ කොහොමද?
  • යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid සහ Your max bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. You max bid යන තැන අපිට අපේ වැඩිම bid එක සඳහන් කර Place bid බොත්තම ඔබා අපේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.


Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?
  • මෙහෙමයි. ඔබ Your max bid එක ලෙස කුමන අගයක් තැබුවත්, ඔබ bid කළායින් පසුව ඒ භාණ්ඩයේ Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අගයයි. (වෙන අයෙක් ඊට වැඩි අගයක් max bid ලෙස තබා නොමැතිනම්) ඔබ max bid ලෙස සඳහන් කළ යුත්තේ ඔබට එම භාණ්ඩය සඳහා වියදම් කළ හැකි වැඩිම අගයයි. එනම් වෙනත් ගැනුම්කරුවෙක් ඔබ bid කළායින් පසුව ඇති current bid එකටත් වඩා වැඩි අගයක් bid කළහොත්, ඔහුගේ එම bid එකට වැඩි අගයක් ඉබේම අපේ නමින් bid වෙනවා. ඔහු ඊටත් වැඩි අගයක් නැවත bid කළොත්, නැවතත් ඔහුගේ bid එකට වැඩි අගයක් අපේ නමින් bid වෙනවා. මෙලෙස අප තැබූ max bid අගය වන තෙක්ම මෙලෙස අප වෙනුවෙන් bid කිරීම eBay අඩවිය විසින් සිදුකරනු ලබනවා.

අවසානයේ අපට භාණ්ඩය දිනාගත හැකි වන්නේ කොහොමද?
  • Auction එක අවසාන වල වේලාව වන විටත්, ඔබ තැබූ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් කිසිම ගැනුම්කරුවකු විසින් bid නොකෙරුවහොත් ඔබට එම භාණ්ඩයේ දිනුම (භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව) හිමිවෙනවා. මෙලෙස ඔබ දිනා ගත් භාණ්ඩය මිලදී ගැනීමේදී ඔබට ගෙවන්නට සිදුවෙන්නෙ ඔබ තැබූ max bid අගය හෝ ඊට අඩු අගයක් පමණයි.
භාණ්ඩයක් අප දිනූ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.




අපේ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් ගැනුම්කරුවකු bid ක‍ළහොත්?
  • මෙසේ වුවහොත් ඒ බව අපව eBay අඩවිය මඟින් email එකක් එවීමෙන් දැනුවත් කරනවා. ඉන්පසු අපට අවශ්‍යනම් අපේ max bid අගය නැවතත් වැඩි කරන්න පුළුවන්.

වෙනත් ගැනුම්කරුවකු අපේ bid එකට වඩා වැඩි අගයක් bid කළ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.



අප bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීම අනිවාර්යයිද?
  • ඔව්. අප යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩයේ දිනුම හිමිවුනොත් අප එම භාණ්ඩ මිලදී ගැනීමට බැඳී සිටිනවා.

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?
  • මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.

Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
  • ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
  • Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
  • ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
  • ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.

මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත්?

  1. ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ කාඩ්පත් PayPal වෙත link කළත් එම කාඩ්පත් වල ඇති ශේෂය දැනගන්න PayPal ට හැකියාවක් නෑ. ඒ නිසයි ඔහොම පෙන්වන්නෙ. නමුත් ඔබේ කාඩ්පතේ මුදල් තිබෙනවනම් එම මුදලට සරිලන ලෙස ඔබට PayPal වෙතින් ඕනෙම ගෙවීමක් කරන්න පුළුවන්. එතනදි PayPal කරන්නෙ ඔබේ කාඩ්පතෙන් මුදල් හර කරගෙන ඍජුවම ඔබ මුදල් ගෙවන්නාගෙ ගිණුමට ඒ මුදල් බැර කිරීම. එම නිසා PayPal හි දැක්වෙන ශේෂය හැම විටම දිස්වන්නෙ USD 0.00 ලෙසයි.
  2. අපි ebay වෙතින් භාණ්ඩයක් මිල දී අරං PayPal වෙතින් ඒ සඳහා ගෙවීම කළාට පසුව අපේ email ගිණුමට ලැබෙන එම ගණුදෙනුවෙ ලදුපතේ (receipt එකේ) අපේ Shipping Adress එක තියෙන තැන බැලුවොත් ඔබට පෙනෙයි ඊට ඉදිරියෙන් Unconfirmed කියලා සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කලබල වෙන්න එපා. අපි අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත්, ඔය සඳහන් වෙන ලිපිනයට ඔබේ භාණ්ඩ ලැබෙනවා. (USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ) ඒ නිසා ඔබේ ලිපිනය Unconfirmed ලෙස සටහන් වී තිබුණට ගැටළුවක් නෑ.


අද කුප්පිය

හ්ම්... දැන් එහෙනම් අද කුප්පිය පටන්ගමු. eBay වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා හොයලා බලන්න කලින්, අපි බලන්‍න එපැයි එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවද කියලා. ඔව්, එහෙම වීමේ ඉතාම ඉතාම ඉතාම සුළු හැකියාවක් තියෙනවා.  ගොඩාක් කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් ලෙස කිව්වොත් 1% ක පමණ හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් වෙන්න.

හැබැයි ඉතිං ඒ වගේ දෙයක් උනා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.

එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්‍රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙReplacement Item එකක් එවනවා කියලා.

මේ විකල්ප දෙකින් එකක් තෝරාගෙන අපිට සිදුවුනු පාඩුව මඟහරවාගැනීමට අපි යම් පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එය කරන්නෙ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු.


eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩයක් අප වෙත ලැබෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?
  • මෙය මීට පෙරත් අප සාකච්ඡා කළා. භාණ්ඩයක් අප වෙත ලැබෙන්න යන කාලය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. Seller ඉන්න රට, අපිට භාණ්ඩය එවන තැපැල් සේවාව වගේ දේවල් මත එය රඳා පවතිනවා. කොහොම නමුත් බොහෝ භාණ්ඩ සතියක් දෙකක් ඇතුලත අප වෙත ලැබෙනවා.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු ලෙස අප සැලකිය යුත්තේ කොපමණ කාලයකට පසුද?
  • ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරයේ (Item description එකේ) සඳහන් වෙනවා එම භාණ්ඩය එක් එක් රට වලට ලැබීමට ගතවන කාලය. එවැනි භාණ්ඩ නොලැබුණු ලෙස සැලකිය යුත්තේ ඒ සඳහන් කර ඇති කාලයට පසුයි. එලෙස සඳහනක් නොමැති භාණ්ඩ සාමාන්‍යයෙන් දින 21 සිට උපරිම ලෙස දින 28 ක් යන තුරුත් නොලැබුණහොත් එම භාණ්ඩය නොලැබුණු ලෙස අපට සලකන්න පුළුවන්.

භාණ්ඩයක් දෝෂ සහිත ලෙස අප සැලකිය යුත්තේ කොහොමද?
  • eBay හි ඇති සෑම භාණ්ඩයකටම අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලාගන්න පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එම විස්තරයේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා වෙනස් නම් හෝ, ඔබට ලැබුණු භාණ්ඩය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ඔබට එය දෝෂ සහිත භාණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු බව හෝ ලැබුණු භාණ්ඩය දෝෂ සහිත බව තහවුරු කරගත් පසු අප කළ යුත්තේ කුමක්ද?
  • මෙවැනි අවස්ථාවක අප මුලින්ම කළ යුත්තේ මේ පිළිබඳ අදාළ භාණ්ඩයේ Seller ට දැනුම් දීම. මෙය කරන්නෙ මෙහෙමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිසෙන්න. ඉන්පසු එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Contact Seller යන්න තෝරන්න.
  • මෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්.

මේ පිළිබඳ Seller ව දැනුවත් කළ පසු සිදුවන්නේ කුමක්ද?
  • නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එ‍හි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා.

දෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ගැනීමට එම භාණ්ඩය නැවත Seller වෙත යැවිය යුතුද?
  • මෙය රඳාපවතින්නෙ Seller මතයි. අපි භාණ්ඩය දෝෂ සහිත බව Sellerට පැමිණිලි කළ පසු ඇතැම් Sellersලා අපෙන් ඉල්ලනවා Refund එකක් දීමට හෝ Replacement Item එකක් එවීමට නම්, දෝෂ සහිත භාණ්ඩය ඔවුන් වෙත නැවත එවන ලෙස. එලෙස ඉල්ලුවහොත් අපිට එම දෝෂසහිත භාණ්ඩය නැවත එම Sellerගේ ලිපිනයට තැපෑලෙන් යැවීමට සිදුවෙනවා. (නමුත් කලබල වෙන්න එපා. දෝෂ සහිත භාණ්ඩයක් අප වෙත ලැබීමේ ඉඩකඩ ඉතාම අඩුයි. එහෙම ලැබුණත් දෝෂ සහිත භාණ්ඩය නැවත එවන ලෙස ඉල්ලන්නෙ ඉතාම සුළු Sellersලා පිරිසක් විතරයි.)

මේ පිළිබඳව Seller ව දැනුවත් කළ පසු Seller ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් මොකද කරන්‍නෙ?
  • භාණ්ඩ නොලැබීම පිළිබඳව හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබීම පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත් සමහර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගන්නෙ නෑ. මෙලෙස වුනොත් අපිට මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්න පුළුවන්.

මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්නෙ කොහොමද?
  • මෙය කරන්නෙත් ඉහතදී Seller ව දැනුවත් කළ ආකාරයටමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල පරිදිම එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Resolve a problem යන්න තෝරන්න.
  • මෙලෙස තේරූ විට ඔබට දිස්වෙයි මෙන්න මෙවැනි ගැටළු කීපයක්. එයින් ඔබට අදාළ ගැටළුව තෝරා ගන්න.


  • අදාළ ගැටළුව තේරූ විට ඊළඟට දිස්වන පිටුවෙන් ඔබෙන් අහයි ඔබ මේ පිළිබඳව Seller ව දැනුවත් කළාද යන වග. අපි දැනටමත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' ලෙස පිළිතුරු දෙන්න. එවිට ඔබ වෙත දිස්වෙයි Online Case එකක් ඇරඹිය හැකි පහත දැක්වෙන පිටුව. එහි ඇති 'Open a case online' තේරීමෙන් ඔබට Online Case එකක් open කර අදාළ තොරතුරු ලබා දී දින කීපයක් ඇතුලත ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.


Online Case එකක් කියන්නෙ මොකක්ද?
  • හිතන්න අපේ සාමාන්‍ය වෙළඳපොළ ගැන. අපි වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ‍ගෙන ඒ භාණ්ඩය දෝෂ සහිත නම් අපි එය මුලින්ම අරං යන්නෙ ගත්ත වෙළෙන්ඳා ලඟටනෙ. ඒ වෙළෙන්ඳා ඒ දෝෂ සහිත භාණ්ඩය බාරගෙන ඒ වෙනුවට වෙන භාණ්ඩයක් දුන්නෙ නැත්තම් හෝ ඒ භාණ්ඩයේ මිල අපිට නැවත ගෙව්වෙ නැත්තම් අපි මොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න වෙනවා. ඕනෙ නම් අපිට ඒ ගැන නඩු කියන්න උනත් පුළුවන්. ඒ වුනත් සාමාන්‍ය වෙළඳ පොළේ සිදුවන ඒ වගේ අලාභ පියවගන්න අපි නඩුදාන්න ගියෙ නැතත් eBay ගණුදෙනුවකදි අපිට සිදුවන අලාභයක් පියවගන්න නම් අපිට ලේසියෙන්ම නඩුවක් දාලා ලේසියෙන්ම ඒ අලාභය පියවගන්න පුළුවන්. ඔන්න ඔහොම eBay තුළ අපට වුනු අලාභයක් පියවගන්න අපි අන්තර්ජාලය හරහා දාන නඩුවකට තමයි Online case එකක් කියන්නෙ.
  • මෙතනදි පැමිණිලිකරු වෙන්නෙ අපි (Buyer). වගඋත්තරකරු වෙන්නෙ Seller. eBay අඩවිය තමයි විනිශ්චයකරු ලෙස ක්‍රියා කරන්නෙ. ඉහත කියලා දීපු විදියට Online Case එකක් open කළාම eBay අඩවිය උත්සාහ කරනවා Seller ලවා අපට සිදුවුනු පාඩුව පියවලා දෙන්න. ඒත් eBay අඩවියටත් නොහැකි වුනොත් මේ පිළිබඳ Seller ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න, එතකොට මොකද දන්නවද වෙන්නෙ? අන්න එතකොට මේ නඩුවෙ විනිශ්චයකරු වන eBay අඩවිය ඉදිරිපත් වෙනවා අපිට සිදුවුනු අලාභය පියවන්න. (සැබෑ ජීවිතෙත් විනිශ්යකාරවරු ඔය විදියට පැමිණිලිකරුවන්ගෙ අලාභ පියවන්න ගියොත් මරුනේ...? හික්ස්! ) එහිදී ඔබේ නඩුව අවසානයෙදී කෙලෙස හෝ ඔබේ අලාභය පියවෙන ආකාරයේ තීන්දුවක් ඔබට ලැබෙනවා.

eBay Buyer Protection කියන්නෙ මොකක්ද?
  • ඔබ eBay අඩවියට යන එන විට නිතර දකින්න ඇති eBay Buyer Protection කියලා හැම තැනම දිස්වෙනවා. ඔන්න ඔය eBay Buyer Protection එකෙන් තමයි අර කිව්ව දේ වෙන්නෙ. භාණ්ඩ මිලදී ගැනීමේ ගැටළුවකට අදාළ භාණ්ඩයේ Seller විසඳුමක් ලබා නොදුනහොත් ඒ සඳහා eBay අඩවිය මැදිහත් වී විසඳුමක් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
  • බොහෝ විට මෙහිදී අවසානයේ Buyer ට එනම් අපිට Full Refund එකක් ලැබෙනවා. නමුත් මේ refund එක ලැබෙන්නෙ මුදල් හැටියට නෙමෙයි. කූපනයක් (Coupon එකක්) හැටියට. හිතන්න ඔබට $13 ක භාණ්ඩයකින් අලාභයක් සිදුවෙනවා කියලා. එවිට ඔබට eBay Buyer Protection වෙතින් පහත දැක්වෙන ආකාරයේ $13 ක Coupon එකක් ලැබෙනවා. එවිට ඔබ ඊළඟට මිලදී ගන්නා භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීමට ඔබට මෙම කූපනයේ ඇති Redemption Code යන කේතය යොදාගන්න පුළුවන්.


eBay ගණුදෙනු වලින් අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්ද?
  • අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ අලාභ පියවාගැනීමටත් පුළුවන්. ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් නම් ඔබට කිසිදිනෙත eBay ගණුදෙනු වලින් අලාභයක් සිදු වෙන්නෙ නෑ. eBay ගණුදෙනු වලින් සිදුවුනු අලාභ ගැන ඔබට යම් කෙනෙක් කිව්වොත් එකත් එකටම ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන නොදන්නා කෙනෙක්. ඉතිං දැන් ඔබ අලාභ පියවාගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත් නිසා ඔබට බය නැතුව eBay ගණුදෙනු කරගෙන යන්න පුළුවන්.